ලියාපදිංචි සාමාජිකයන් ;)

Saturday, December 21, 2013

බළ ශක්ති ප්‍රභවයක් ලෙස සූර්ය ශක්තිය යොදා ගැනීම..

බළශක්තිය ලබා ගැනීමේ දී ඒ සඳහා  ගත හැකි ප්‍රධානතම මූලාශ්‍රය හිරු එළිය බව අප හොඳාඅකාරවම දනී . ජල විදුලිය , ඛනිජ තෙල් පවා සූර්ය ශක්තියේ අතුරු ළුල  ලෙස නිපදවෙන බැවින් බලශක්ති උත්පාදනයේ දි සූර්ය ශක්තියට ප්‍රමුඛස්ථානයක් හිමි වී තිබෙනවා . හිරුගෙන් ලැබෙන මේ ප්‍රයෝජන නිසාම අතීතයේ මිනිසුන් හිරුට දේවත්වය ආරෝපණය කර වන්දනාමාන කළා . සූර්ය ශක්තියෙන් අප ලබාගන්නා මේ ප්‍රයෝජන අතරට විදුලිය ලබා ගැනීමත් එක් වී තිබෙනවා.

සූර්යාගේ අභ්‍යන්තර හරයේ විශාල න්‍යෂ්ටික දහනයක් සිදුවීම මගින් සූර්ය ශක්තිය උත්පාදනය වීම සිදුවේ . පෘතුවියේ ජීවයේ පැවැත්මට අවශ්‍ය ආලෝකය සහ තාපය සපයනු ලබන්නේ මෙම සූර්ය ශක්තිය මගිනුයි . සූර්යාගෙන් නිකුත්වන මෙම ශක්තිය අභ්‍යවකාශය හරහා පෘතුවියට පැමිණෙනවා . ප්‍රිතුවිය සූර්යයා දෙසට මුහුනලා පිහිටන විට එහි වායුගෝලයේ පිටත් ද්‍රරයේ වර්ග කි.මි 1 කට මිනිත්තුවක් තුල දී ලැබෙන සූර්ය ශක්තියේ ප්‍රබලතාවය මෙගාවොට් 1400ක් පමණ වෙනවා . කෙසේ වෙතත් මෙසේ වායුගෝලයට පැමිණෙන සූර්ය ශක්තියෙන්  අඩකට පමණක් පෘතුවිය මතුපිටට පැමිණිමට හැකියාව තිබෙනවා . වායුගෝලය සහ වලාකුළු මගින් ඉතිරි ප්‍රමාණය උරා ගැනීම හෝ විසුරුවා දැමීම සිදු කරනවා . පොළොවේ එක නිශ්චිත ස්ථානයකට ලැබෙන සූර්ය ශක්තිය ප්‍රමාණය දිනයේ එය පතිත වෙන කාළය , වසරේ දින ගනන වළාකුළු වලින් වැසී පවතින ප්‍රමාණය සහ එම ස්ථානයේ උන්නතාංශය ( මුහුදු මට්ටමේ සිට උස ) යන කරුණු බලපානු ලබනවා . දිනයක් තුළ විවිධ වේලාවන් අනුව සූර්ය ශක්තියේ ප්‍රමලතාව වෙනස් විය හැකියි . ඒ අනුව මධ්‍යහ්න කාලයේදි වැඩි සූර්ය ශක්තියක් ලැබෙන අතර හිරු බැස යන සවස් කාළයේ දි ලැබෙන සූර්ය ශක්ති ප්‍රමාණය අඩු අගයක් ගන්නවා .

ආසන්න වශන්යෙන් සූර්ය ශක්තියෙන් 30%ක පමණ ප්‍රමාණයක් ජල චක්‍රය හරහා පෘතුවියට ළඟා වෙනවා . සූර්ය තාපය මගින් සාගරවල ජලය වාෂ්පීකරණයට ලක් වෙනවා .සුළඟ මගින් ජල වාෂ්ප සාගර වලින් එපිට ගොඩබිම වෙත ගෙන ගොස් වර්ෂාව ලෙස පොළොවට පතිත වෙනවා. වර්ෂා ජලය පොළොවට පතිත වෙනවා . වර්ෂා ජලය පොළොව මතින් ගලා ගෙන ගොස් හෝ දිය පහර හො විල්වලට එක් වී අවසානයේ නැවත සාගර වෙතට පැමිණෙනවා. එමෙන්ම සූර්යයාගේ ඇති විකිරන ශක්තිය ජල පහරක් හෝ ගංගාවල ඇති ජලයේ විභව ශක්තිය උත්පාදක යන්ත්‍ර හරහා යවමින් ඉන් විදුලිය නිපදවීම සිදු කෙරෙනවා . මේ ක්‍රමයට විදුලිය නිපදවීම අප " ජල විදුලි උත්පාදනය " යනුවෙන් හදුන්වනවා .

සාගර මගින් ද සූර්ය ශක්තිය එක්‍රැස් කරගනු ලබනවා .  එමෙන්ම ජලය මතුපිට පගින් සූර්ය විකිරණ පරාවර්තනය කිරීම හෝ විසුරුවා දැමීම සිදු කරනවා . ඉතිරිවන ශක්තිය ජලය තුළට ඇතුළු වන අතර ඉතා වේගයෙන් එහි ගැඹුර වෙත ළඟා වෙනවා . එහිදි එම සූර්ය ශක්තිය තාපය හෝ රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා . මේ හේතුව නිසා සාගරයේ ගැඹුර අනුව විවිධ ස්ථරවල උෂ්ණත්වය වෙනස් අගයක් ගනු ලබනවා.

සමහර ස්ථානවල මිටර් සියයක් පමණ ගැඹුරට යන විට සෙ.අ 20 කින් පමණ උෂ්ණතවය වෙනස් වෙනවා. මෙවැනි විශාල ජල ස්කන්ධයන්හී පවතින උෂ්නත්ව වෙනස මගින් නිර්මාණය කෙරෙන විභව ශක්තිය බලශක්තිය උත්පාදනය සඳහා යෝග්‍ය වෙනවා . ශක්තිය ඉහල උෂ්ණත්වයක් සහිත ජලයේ දක්වා ගලා යනවා . මෙම ගැලීමේ ශක්තිය මගින් ටර්බයින කරකවා එයින් විදුලිය උත්පාදනය කිරීමේ  හැකියාව තිබෙනවා . සාගරික තාප ශක්ති පරිවර්තනය ( OTEC ) යනුවෙන් මෙම ක්‍රමය හදුන්වනවා  ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය තුළින් ශාක මගින් සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කෙරෙනවා. එසේ නිපදවෙන රසායනික ද්‍රව්‍ය ශාකයේ වර්ධනයට අවශ්‍ය ඉන්ධනය ලෙස ක්‍රියා කරනවා . තෙල් , ගල් , අඟුරු වැනි පොසිල ඉන්ධන භූවිද්‍යාත්මකව පැරැණි ශාක තුළින් නිපදවෙනවා....



තනිකඩයාගෙ පළමු තනිකඩ සටහන...

ඔන්න මෙච්චර දවසක් බ්ලොග් කියව කියව හිටපු තනිකඩයාටත්, බ්ලොග් එකක් ලියන්න ඕනැ කියලා හිතුවා.

තනිකඩයාට බ්ලොග් එකක් ලියන්න කියන්න ඕනැ කියන අදහස ආවේ එයා බුකියේ ලොග් වී කෙනෙක් සමග චැට් එකේ සිටින අතරේ.  


එතකොට මේ තනිකඩයා කියන්නේ කවුද? එක නම් මම කියන්න බලාපොරොත්තුවක් නැ.. හැබැයි මම දැනටම ඕගොල්ලො අතරේ ඉන්න කෙනෙක්. සමහර අය මාව අදුනනවා මගේ ඇත්ත නමින් ඒත් ඒ අය මං අහවලා කියල නම් නොදනී .

ඉතින් මම ඉස්සරහට දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව. මම ලියන්න හිතන් ඉන්නේ සමහර ම්ගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මට හිතෙන හැටි..