ලියාපදිංචි සාමාජිකයන් ;)

Thursday, January 30, 2014

ග්‍රහයින් ගේ ග්‍රහයින් මාරු කිරීම

          අප සැම එක විට එක මවු කුසින් උපදින්නේ නැත . එහෙත් සැමට ම පායන්නේ එකම හිරු ය, සදු ය. අප ජීවත් වන්නේ ද එකම පොලොවක ය . ඒ අනුව ඒවා භෞතික වදයෙන් එක් එක් පුශ්ගලයාට එක් එක් අයුරින් බලපාන්නේ නැත . වානරයා ශිෂ්ටසම්පන්න මානවයකු බවට පත් වත් ම ඔහු සිතන පතන ආකාරය ද වෙනස් විය . කාලයට අනුව තම ආරක්ෂාව පතා විවිධ ඇදහිලි වලට යොමු වූ ඔහු තම චින්තන ශක්තිය දියුණු වත් ම ඒවා කෙරෙන් තුරන් විය . තමාට වුවමනා පරිදි නොව  ශාස්ත්‍රකරුවන් වැනි බේගල්කරුවන්ට වුවමණා  පරිදි ජීවත් වන්නෝ අප අතර ඕනෑ තරම් සිටිති . මෙම විශ්වාස සඳහා කිසිදූ විද්‍යාත්මක පදනමක් නොමැත ( විද්‍යාව සර්වසම්පූර්ණ හෝ එමගින් සෑම දෙයක්ම පැහැදිලි කළ හැකි බවක් අදහස් නො කෙළෙමි ) අප දන්නා පරිදි ග්‍රහලෝක පෘථිවිය හැර අපට ඉතාම ඈතින් පිහිටා ඇති අතර අපට බලපෑමක් කිරීමේ හැකියාවක් ඒවාට නැති බව පෙනේ . නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයන්ට අනුව ඉතා කුඩා ගුරුත්වාකර්ෂණ බලයක් ඇති විය හැකි නමුදු එමගින් ඇති විය හැකි කායික හෝ මානසික බලපෑමක් ගැන සිතාගත නොහැකි ය . සූර්යයා , චන්ද්‍රයා හ පෘථිවිය මිනිස් ජීවිතවලට එකට ම බලපෑම් ඇති කරන නමුත් ඒ අප සැමටම එකම අයුරින් ය .

            අප අතරින්  බොහොමයක් තම ජීවිතවලට සෑම වැදගත් තීරණයක් ම ගන්නේ තමාට වුවමනා පරිදි , වුවමනා වෙලාවට නොව අදාළ ජාවාරම්කරුවන්ට වුවමනා පරිදි ය . ඒ අනුව අපගේ ධනය , කාළය වැය කොට අප ක්‍රියාත්මක වන්නේ වෙනත් කෙනෙකුට වුවමනා පරිදි ය ඇතැම් අවස්ථාවල දී කර්මය පවා වෙනස් කළ හැකි ආකාර බුදු ශහමෙහි දක්වා ඇත. ඒ අනුව උත්සහයෙන් බුද්ධියෙන් කටයුතු කරන පුද්ගලයාට බොහෝ දේ වෙනස් කළ හැකි ය . ඔහුට සෑම වෙලාවක් ම සුබ වේලාවක් ය . එහෙත් සියල්ල ග්‍රහයින්ට භාර දෙන පුද්ගලයාට ග්‍රහයින් කැමැති වෙලාව එන තෙක් සිටීමට සිදු වේ . ඔහුට සියල්ල වන්නේ ග්‍රහයින් නිසා ය. මේවාට විසඳුම් ලෙස විවිධ පුද පූජා ශාන්තිකර්ම කරනු අපට නිතර දක්නට ලැබේ . ආගමික කටයුතු කෙරෙහි යොමු වීමෙන් සහනයක් ලැබෙන බව සත්‍යකී . එහෙත් පුදුමය නම් අදාල ග්‍රහ වස්තුවල පිහිටීම වෙනස් කිරීමට මොවුන් උත්සාහ  නො ගැනීමයි . ( නවීන විද්‍යාවේ දියුණුව නිස නො වන්නට මොවුන් එය ද කරනු ඇත

            අප දන්නා පරිදි තුන්කල්හී සියලු නතු පැවසිය හැක්කේ සිත දියුණු කළ ශ්‍රෙෂ්ඨ උත්තමයකුට පමණි . එහෙත් මුදලට එය මැනැවින් ඉටු කරන ශාස්ත්‍රකරුවන් සෑම අඟුපිලකම සිටිති . කෙනෙකු දුටු පමණින් ඔහුගේ සියලු නතු පැවසීමට මොවූහූ සමත් ය .ඔවුගේ ශාස්ත්‍රය මිනිසුන් රැවටීමයි . ඔවුහූ අපට වඩා බුද්ධිමත් අය නොවවෙති . වෙනස වන්නේ අපගේ බුද්ධිය විශ්වාසය මඟින් යටපත් කර ගැනීමයි. අනික මේ කොහෙවත් ඉන්න හෙනහුරෙකුට එක එක මිනිස්සුන්ට වද දෙන්න තරම් තියන අමාරුව මොකක්ද ..? .

මා පවසන දෙය සත්‍ය විය යුතුම නැත හේතුවාදි අදහස් දරන පුද්ගලයන් මෙරට ඕනෑ තරම් සිටින බව මම දනිමි . තවෙකකු ගේ විශ්වාසයට අකුල් හෙළිමට අයිතියක් මට නැත වැදගත් ම කරුණ නම් මෙය අපගේ ආගම හෝ සංස්කෘතිය සමඟ පටලවාගත යුතු නැත එහෙත්  අප වෙනත් පුද්ගලයන්ට හෝ ග්‍රහයන්ට වුවමනා පරිදි ජීවත් විය යුතුද නැත්ද යන්න සිතා බැලීමට කාළය පැමිණ ඇත....




           

1 comment:

  1. //විලේ උපන් නුඹ විලට උරුම බව නොදැන නොවේ හිරු පායන්නේ...:)/

    එනකොටම දැක්කේ ලස්සන අදහසක්..

    ම්ම්.. ග්‍රහයින් ගැන නම් මගේ තියන්නේ මධ්‍යස්ත අදහසක් මේ වෙනකොට.ඒ ශාස්ත්‍රය මං ප්‍රගුණ කරලා නැති නිසා ඒක හරිද වැරදි ද කියන්න මට බෑ. නමුත් ඕව එහෙන් මෙහෙන් අහුලා ගෙන මිනිස්සුන්ගේ සල්ලි ගසා කන වෙළෙන්දෝ ඉන්න බව නම් දන්නවා..

    ඔබ මේ අඩවිය ප්‍රචාරණය සඳහා වැඩි යමක් කරන්නේ නැද්ද.. මාතලන් අයියගේ සින්ඩිය වගේම තවත් ප්‍රධාන සින්ඩි කීපයක් තියනවා. ඒවටත් දා ගන්න බලන්න.

    ReplyDelete